අප පාසලේ මුල්ම සිසුන් හතර දෙනාට ඉගැන්වීම කර ඇත්තේ වලව්වත්ත බලාගෙන සිටි "පබ්ලිස් "නම්ලත් අයෙකි. අලුත් ශාලාවක් සෑදීම නිසා ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්වා වැඩි විය.පසුව තනිවම ඉගැන්වීම කළ නොහැකි නිසා 'එමලින් ගුරුන්නාන්සේ' කියා ගුරු මහතෙක්ද පත්කරගෙන ඇත.
පස්වන පන්තිය දක්වා පන්ති තිබුණු නිසා පබ්ලිස් ගුරුන්නාන්සේ වෙනුවට " සීමොන් කබ්රාල්" නම් මුල් ගුරුමහතෙක් දෙවෙනි වරට වැඩ කර ඇත. මෙසේ ක්‍රමයෙන් දියුණු වූ මෙම පාසැල 1942 වන විට එච්.ඩී.ඒ. පෙරේරා නම් ලත් විදුහල්පතිවරයාගේ උත්සාහය නිසා ස්ථිර ගොඩනැගිල්ලක් සාදන්නට යෙදුනි. පසුව 1951 - 1965 කාලයේදී ඩී. ඩබ්ලිව්.පී. සුරවීර නම් මහත්මයෙක් විදුහල්පති විය. ඒ කාලය වන විට ගුරු මණ්ඩලය 13 කි. සිසුන් 210 කි.
1963 වසරේදී පාසැල රජයට පවර ගනු ලැබිය. 1964 වසරේදී දේවස්ථාන භුමියේ පාසැල මිසමේ නිවාසය ඇති ඉඩමෙන් අක්කර 01 ක පමණ කට්ටියක් ලබා දී දැනට පිහිටි ස්ථානයේ පාසැල ඉදිකර දීමට දේවස්ථානය මුල්වී කටයුතු කර ඇත. කලින් " ගෝනවල බැප්ටිස්ට් සිංහල පාඨශාලාව " වශයෙන් නම් කෙරුණු මෙම විදුහල රජයට පවර ගැනීමෙන් පසු එම්.එම්. ගමගේ විදුහල්පතිවරයාගේ කාලයේදී ගම/බිය/කැලණිතිස්ස විද්‍යාලය" යනුවෙන් නම වෙනස් කරන ලදී. ඒ මහතාගෙන් පසුව විවිධ විදුහල්පතිවරුන් යටතේ මෙම පාසැල පාලනය කරන ලදී.






