බප/කැළ/කැළණි.තිස්ස විද්‍ර්‍යාලය

පාසලේ ඉතිහාසය

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රථිපල ජයග්‍රහණ

IMG_0293_2_2000.jpg
IMG_0255_1_2000.jpg

ක්‍රි.ව.1825 වසරේදී ගෝනවල වලව්වත්ත හාමු මහත්තයාගේ වලව්වේ ගරාජයේ පළමුවෙන්ම සිසුන් හතර දෙනෙකුගෙන් පාසැල ආරම්භ වූ බව කියවේ. මෙම අවදියේදී බැප්ටිස්ට් සභාව ගෝනවල දේවස්ථානයක් ආරම්භ කිරීම සඳහා සුදු දේවගැතිවරයෙක් මෙම ගමට පැමිණ ඇති බවත් එතුමා වලව්වත්තේ හාමු මහතා හමුවීමට වලව්වට ගිය අවස්ථාවේදී ළමයින් සිටිනු දැක ඒ ගැන විමසා දේවස්ථානයට පෙර පාසලක් ආරම්භ කිරීමට සුදුසු යැයි යෝජනා කර ඇත.

මුල්ම සිසුන් හතර දෙනාට ඉගැන්වීම කර ඇත්තේ වලව්වත්ත බලාගෙන සිටි "පබ්ලිස් "නම්ලත් අයෙකි. පාසලට ඇතුලත් වූ මුල්ම සිසුව 'තේගිස් නයිදේ' නම් ලද්දෙකි. වලව්වත්ත විශාල එකක් නිසා පොල් අතු වලින් ශාලාවක් සාදන්නට යෙදුනි. අලුත් ශාලාවක් සෑදීම නිසා ශිෂ්‍ය සංඛ්‍යාව 35 දක්වා වැඩි විය.පසුව තනිවම ඉගැන්වීම කළ නොහැකි නිසා 'එමලින් ගුරුන්නාන්සේ' කියා ගුරු මහතෙක්ද පත්කරගෙන ඇත.

පස්වන පන්තිය දක්වා පන්ති තිබුණු නිසා පබ්ලිස් ගුරුන්නාන්සේ වෙනුවට " සීමොන්  කබ්රාල්" නම් මුල් ගුරුමහතෙක් දෙවෙනි වරට වැඩ කර ඇත. මෙසේ ක්‍රමයෙන් දියුණු වූ මෙම පාසැල 1942 වන විට එච්.ඩී.ඒ. පෙරේරා නම් ලත් විදුහල්පතිවරයාගේ උත්සාහය නිසා ස්ථිර ගොඩනැගිල්ලක් සාදන්නට යෙදුනි. පසුව 1951 - 1965 කාලයේදී ඩී. ඩබ්ලිව්.පී. සුරවීර නම් මහත්මයෙක් විදුහල්පති විය. ඒ කාලය වන විට ගුරු මණ්ඩලය 13 කි. සිසුන් 210 කි.

1963 වසරේදී පාසැල රජයට පවර ගනු ලැබිය. 1964 වසරේදී දේවස්ථාන භුමියේ පාසැල මිසමේ නිවාසය ඇති ඉඩමෙන් අක්කර 01 ක පමණ කට්ටියක් ලබා දී දැනට පිහිටි ස්ථානයේ පාසැල ඉදිකර දීමට දේවස්ථානය මුල්වී කටයුතු කර ඇත. කලින් " ගෝනවල බැප්ටිස්ට් සිංහල පාඨශාලාව" වශයෙන් නම් කෙරුණු මෙම විදුහල රජයට පවර ගැනීමෙන් පසු එම්.එම්. ගමගේ විදුහල්පතිවරයාගේ කාලයේදී ගම්/බිය/කැලණිතිස්ස විද්‍යාලය" යනුවෙන් නම වෙනස් කරන ලදී. ඒ මහතාගෙන් පසුව විවිධ විදුහල්පතිවරුන් යටතේ මෙම පාසැල පාලනය වූ අතර වර්තමානයේදී දෙවෙනි කාණ්ඩයේ පාසලක් වශයෙන් නමකට ඇත.

 

 

 

ආරම්භ කළ වර්ෂය

ක්‍රි.ව.1825

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

04

මුල් ගුරුතුමාගේ නම

පබ්ලිස් මහතා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බප/ කැල/කැලණිතිස්ස විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල රජයට පවරාගත් වර්ෂය

1963

පාසල පැවැත්වූ ස්ථානය

වලව්වත්ත, ගෝනවල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

තේගිස් නයිදේ

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව