විදුරැස පතුරා නැණ ඇස පහදා
යහ මඟ නිරතුරු සදනා
කැලණිතිස්ස විදුහල් මවු සිරිලක
දින දින බැබලේවා----------
ඔබේ නම පැතිරේවා ----------
ඔබ අප පෙරමුණ
අප ආලෝකය
මේ ජීවන ගමනේ
වියතුන් පඬුවන් විරුවන් ඇඳුරන්
ඔබගෙන් බිහිවේවා ------------
නීති සැලසුම් සැලසේවා -------------
විදුරැස පතුරා නැණ ඇස පහදා --------------
ඔබ සෙවණේ වැඩෙනා දරු කැල වෙත
ගෙන දෙයි ආලෝකේ
දෑ අභිමානය ජාතික ආලය
ජීවය ලෙස රකිනා
දරු කැලගේ මව වේවා ------------------






