විදුහල්පති පණිවිඩය
D.A .S .දිල්රුක්‍ෂි දිසානායක
බප /කැල /කැලණිතිස්ස විද්‍යාලය වත්මන් විදුහල්පතිනිය ලෙස පළමුව පාසලට හා වෙබ් අඩවියට සුභ පැතුම් එක් කරමි .
ක්‍රි.ව .1825 වසරේදී ගෝනවල වලව්වත්ත හාමු මහත්තයාගේ වලව්වේ ගරාජයේ පළමුවෙන්ම සිසුන් හතර දෙනෙකුගෙන් පාසල ආරම්භ වී ඇත. මෙම අවධියේ මෙම පාසල ගෝනවල බැප්ටිස් පල්ලිය මගින් පාලනය කර ඇත. මුල් ගුරුතුමා ලෙස සේවය කළ “ සිමොන් කබ්රාල්” මහතාගෙන් පසුව H .D .A .පෙරේරා මහතා මෙම පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා ලෙස සේවය කර ඇත. 1963 වසරේදී මෙම පාසල රජයට පවරා ගන්නා ලදී . “ ගෝනවල බැප්ටිස් සිංහල පාඨශාලාව” වශයෙන් නම් කෙරුණු මෙම පාසල රජයට පවරා ගැනීමෙන් පසු ගම් /බිය /කැලණිතිස්ස විදුහල යනුවෙන් නම් කරන ලදී . පසුව නවෝද්‍යා පාසලක් ලෙස නම් කරන ලද මෙම පාසල වර්තමානයේ බප /කැල /කැලණිතිස්ස විදුහල යනුවෙන් හැදින්වේ.
කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටි මෙම විදුහල වර්තමානයේ දියුණු වෙමින් පවතින පාසලකි. ප්‍රදේශයේ සියලු සුභ පතන්නන්ගේ ද සහයෝගය ඇතිව පාසල පියවරෙන් පියවර ඉදිරියට පිය නගයි. වර්තමාන විදුහල්පති වන D .A .S .දිල්රුක්‍ෂි දිසානායක වන මම පාසල ඉදිරි වසර කිහිපය තුළ 21 වන සියවසට සරිලන තාක්‍ෂණයෙන් හෙබි මෘදු කුසලතා වලින් පිරිපුන් 21 වන සියවසේ වැඩ ලෝකයට සුදුසු නිපුණතා වලින් පිරිපුන් දරු පිරිසක් සමාජ ගත කිරීම අපේක්ෂිතය . ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම මගින් භෞතික සම්පත් නොඅඩුව ලබාදිය හැකි 21 වන සියවසට සුදුසු පරිසරයක් හා ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සදහා අප සියලු දෙනා අත්වැල් බැද ගනිමු .
මෙම පාසල ඉතා සීග්‍රයෙන් දියුණුව කරා පිය මැනීමට හැකි වේවායි ප්‍රර්ථනා කරමි.
D.A .S .දිල්රුක්‍ෂි දිසානායක
විදුහල්පති
බප /කැල /කැලණිතිස්ස විද්‍යාලය.






